සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මෙය ජාත්‍යන්තර එක්දින තරග බිමේ කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයක් සහිත ලැබූ එක්දින ජය ලෙස වාර්තා අතරට එක්විය.
මීට පෙර එම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකාව නමින් ලියවී තිබුණි. එහිදී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 317ක පරාජයක් ලබා තිබුණි.
එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 415ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස්කළේ සියලු දෙනා දැවී ලකුණු 72ක් පමණි.
කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූයේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
එංගලන්තය 414/5 (පන්දුවාර 50)
ජේකොබ් බෙතෙල් 110 (82), ජෝ රූට් 100 (96), ජෙමී ස්මිත් 62 (48), ජොස් බට්ටලර් නොදැවී 62 (32), කෝබින් බොෂ් 2/79, කෙශාව් මහරාජ් 2/61
දකුණු අප්‍රිකාව 72/10 (පන්දුවාර 20.5)
කෝබින් බොෂ් 20, කෙශාව් මහරාජ් 17 (17), ජොෆ්රා ආචර් 4/18, ආදිල් රශිඩ් 3/13, බ්‍රයිඩන් කාර්ස් 2/33
