Spread the love

නෙල්ලිගහමුල වැලි මාර්ගයේ පොල් ඉඩමක තිබූ කසල ගොඩකට තැබූ ගින්නක් පැතිරී ගොස් එම ඉඩම ඉදිරිපිට අතුරු මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව වීරගුල පොලිසිය පවසි..

පොල් ඉඩමෙහි හිමිකරු අද පස්වරු 01.00ට පමණ සිය මෝටර් රථයෙන් පැමිණ පොල් ඉඩම ඉදිරිපිට අතුරු මාර්ගයේ මෝටර් රථය නවතා ඉඩමට ඇතුළු වී එහි තිබූ කසල ගොඩකට ගිනි තබා තිබෙනවා.

එහිදී මේ දිනවල පවතින අධික අව් රශ්මියක් සමග එම ගින්න තණපිඩලි හරහා පැතිර ගොස් මෝටර් රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය විසින් සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුව එම ස්ථානයට පැමිණි ගම්පහ ගිනි නිවන ඒකකය විසින් ගින්න පැතිර යාම මැඩ පවත්වා ඇති අතර, වීරගුල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි