Spread the love

නිමල් රාජපක්ෂ

 

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට 2026 ජනවාරි මස 24 වැනි දින කටයුතු කෙරිණි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම යථාර්තයක් කරගැනීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්යය සාධක බළකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

ඒ අනුව, ගාල්ල ධීවර වරාය භූමියේ අවිධිමත් ලෙස එක් රැස් වී තිබූ කැලි කසල ඉවත් කර, වරාය භූමිය මහත් පරිශ්‍රමයක් යොදා පිරිසිදු කිරීමට නාවික හමුදාව, අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව කටයුතු කෙරිණි.