නිමල් රාජපක්ෂ
ත්රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්රදේශයේ පෙරේදා ( 28) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර ගණනින් එකසිය දහ හතක් (117) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් මෙම මෙහෙයුම් දියත් කල අතර , මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු අවුරුදු 57 ක වයසේ පසුවන ත්රිකුණාමලය තෝපූර් ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ.
එම සැකකරු සහ කැස්බෑ බිත්තර තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි
