Spread the love

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව සෙසු සංචිතය අද උදෑසන ඩුබායි හරහා නිව්යෝර්ක් බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් මෙන්ඩිස් සහ ප්‍රනාන්දුට ඔවුන් හා එක්වීමට නොහැකිවී ඇත.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඔවුන් දෙදෙනාට ඉක්මනින් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර ඒවා නිකුත් වූ විගස ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.