නිමල් රාජපක්ෂ-
වත්තල ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවි කිරීමේ වෙළද සලක් බවත්වාගෙන යන මුවාවෙත් නීති විරෝධී මත්පැන් හා විදේශ දුම්වැටි ජාවාරමක් සිදු කරමින් සිටියදී වටලා රුපියල් 11.000.000/= වටිනා මත්පැන් හා දුම්වැටි තොගයක් පසුගියදා කොළඹ නගරයේ සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදි විදේශීය මත්පැන් බෝතල් 606 ක් (ලීටර් 502.25) හා විදේශ දුම්වැටි 13,000 ග්‍රහණය කරීමට සමත් විය.
මෙම මත්පැන් තොගය වෙළද සැලේ පස්මහල් ගොඩනැගිල්ලේ 04 වන හා 03 වන මහල් වල විදුලි උපකරන අතර හා විදුලි උපකරණ පෙට්ටි ඇතුලත් සූක්ෂම ලෙස සගවා තිබියදී සොයාගැනුනු අතරම කලක් සිට මෙමෙ ජාවාරම සිදුකරගෙන ගොස් තිබු බවද අනාවරණය වෙයි.
මෙම මත්පැන් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ශ 90 ක් (රු. 9,000,000/-) පමණ වන බවත්, විදේශ දුම්වැටි තොගය රුපියල් ලක්ෂ 20ක් (රු.2,000,000 /-) පමන වන බවත් මුලු වටිනාකම රුපියල් කෝටි 1.1 ක් (රු. 11,000,000/-) සුරාබදු නිලධාරීන් විසින් ගණන් බලා ඇත.
මත්පැන් තොගය හා දුම්වැටි තොගය, වරාය හා ගුවන් තොටුපළ ආශ්‍රිත තීරුබදු රහිත විදේශ මත්පැන් වෙළඳසැල් වලින් හා මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ ජාවාරම් කර අදාල විදුලි උපකරණ වෙලදසැලේ ගබඩා කිරීමෙන් අනතුරුව ලැබෙන ඇනවුම් සදහා විකිණීමට සූදානම් කර ඇති බවට අනාවරණය කරගෙන ඇත.
අනූව මෙම මත්පැන් තොගය හා දුම්වැටි තොගය හේතුවෙන් රජයට අහිමිවීමට නියමිතව තිබූ බදු මුදල් ප්‍රමාණය රු. මිලියන 75 කට අධික වේ.
මෙම මත්පැන් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 90 ක් (රු. 9,000,000/-) පමණ වන බවත්, විදේශ දුම්වැටි තොගය රුපියල් ලක්ෂ 20ක් (රු.2,000,000 /-) පමන වන බවත් මුලු වටිනාකම රුපියල් කෝටි 1.1 ක් (රු. 11,000,000/-) සුරාබදු නිලධාරීන් ගණන් බලා ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ පේමරත්ත මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම්) ජයන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණයෙන් කොළඹ නගරය (I) සුරාබදු අධිකාරී / කොළඹ නගරය සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති තිලක් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ආර්. චින්තක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක පැතුම් ජයසේකර , කොළඹ නගර සුරාබදු ස්ථානයේ සුරාබදු කෝප්‍රල් වරුන් වන 725 ධනංජය, 826 ඉන්දික, 915 අරුන, 926 සමීර, 1097 හසිත, 1141 රමිත , සුරාබදු නියාමක 1161 තිලිණ, සුරාබදු නියාමක රියදුරු ලංකා සහ ජයසුන්දර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
