වත්තල පල්ලියවත්ත නිවසක සඟවා තිබූ රුපියල් කෝටි දෙකක් වටිනා කේරල ගංජා කිලෝ 39කට ආසන්න ප්‍රමානයක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු කැළණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවද පොලීසිය පවසයි
කැලණිය කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක, කැලණිය දිස්ත්‍රික් භාර ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි වත්තල ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා සහ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංග මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.