නිමල් රාජපක්ෂ-
කොළඹ වරායේ ගබඩාවක තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු රුපියල් කෝටි 100 ක් වටිනා ඖෂධ විශාල තොගයක් රේගු ආදායම් කාර්ය සාධක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඖෂධය PREGAB 150mg ලෙස හඳුනාගෙන ඇති අතර එය NMRA බලපත්‍රයට යටත් වේ. මෙය සාමාන්‍යයෙන් වේදනා නාශකයක් ලෙස නියම කෙරේ. කෙසේ වෙතත්, මෙම ඖෂධය මතද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විසින් බහුලව භාවිතා වන අතර එබැවින් වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවද රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය ඇබ්බැහියට පොළඹවන අතර එමඟින් පාරිභෝගික පදනම පුළුල් වන අතර ස්ථාවර ඉල්ලුමක් ද පවතී.
තොගය ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක දී අත්අඩංගුවට ගෙන ඇත. ආනයනය සඳහා NMRA බලපත්‍රයක් ලබාගෙන නොමැත.
පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ආනයනය කරන ලද ලී ස්පීකර් පෙට්ටි 36ක සඟවා තිබියදී මෙම කරල් මිලියන 1.8ක් පමණ සොයාගෙන ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ ආදායම් කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂවරයාගේ මගපෙන්වීම යටතේ RTF වෙත අනුයුක්ත නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි