Spread the love

නිමල් රාජපක්ෂ

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාඨමාලා මෙරට ජාතික මට්ටමේ විශ්ව විද්‍යාල දක්වා උසස් කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් මෙම මස පළමුවෙනිදා අමාත්‍යංශයේ පැවති ප‍්‍රගති සාමලෝචන රැස්විමේදී ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේ‍්‍රමකුමාර් ද සිල්වා විසින් ග‍්‍රාමසංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප‍්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ වෙත භාරදෙන ලදී.

2025 මාර්තු 17 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව, අමාත්‍යවරයා විසින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාව වෙත ලබාදුන් උපදෙස් මත පත්කළ තාක්ෂණික කමිටුවක් විසින් මෙම ව්‍යාපෘති යෝජනාව සකස්කර ඇත.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ක‍්‍රියාත්මක සංවර්ධන කටයුතු හරහා උත්පාදනය වන ඉල්ලූමට සරිලන සමාජ සංවර්ධන ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් පුහුණු කිරීම අරමුණු කරගෙන ආයතනයේ පාඨමාලා විශ්ව විද්‍යාල මට්ටමේ ගුණාත්මක උපාධි බවට පත් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

සමාජ වැඩ ස`දහා වන ලංකා ආයතනය ලෙස 1952 වසරේදී ආරම්භ කර ඇති ජාතික සමාජ සංවර්ධන ආයතනය මේ වනවිට සමාජ සංවර්ධන විශයට අදාලව පස්චාත් උපාධි පාඨමාලා, උපාධිපාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සහ සහතික පත‍්‍ර පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. එයට අමතරව, පුහුණු වැඩසටහන් පවත්වාගනිමින් සමාජ සංවර්ධන ප‍්‍රතිපත්ති සම්පාදනය හා සමාජ සමීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. සීදුව ලියනෙගෙමුල්ල මූලස්ථානය පිහිටා අති අතර තලාව අම්පාර හා කිිලිනොච්චි නගරවල මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනු ලැබේ.