ගාල්ල -විජේසිංහ
බොලෙරෝ වර්ගයේ ලොරියක් අපරික්ෂාකාරිි ලෙස රිය පදවා පාර අයිනේ සිටි කාන්තාවක් යටකර පලා ගිය පුවතක් පිටිගල පොලිසියෙන් වාර්තාවෙයි.
අනතුරින් බරපතල ලැබු කාන්තාව ප්රතිකාර සදහා නියාගම ගල්ලිද රෝහලට ඇතුලු කිරිමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධිය වී ඇත්තේ ඊයේ (30) දිනයේයි. අනතුරින් මියගොස් ඇත්තේ තල්ගස්වල වත්තහේන දියකිතුල් කන්ද පදිංචි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනි නැමැති 32 අවිවාහක කාන්තාවකි.
ලොරි රථය සහ රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල සිද්ධිය පිළිබදව පිටිගල පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
