Spread the love

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනිදා වන විට ගිණුම්ගත කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර, රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ