නිමල් රාජපක්ෂ
ගොවිපල නවීන සත්ව නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස පමණක් නොව, කෘෂි – සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා ජීවනෝපායන් සමඟ සම්බන්ධ කිරීම ට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලයේ සත්ව නිෂ්පාදන ගොවිපළ නැරඹීමට පසුගියදා එක්විය. මෙම සත්ත්ව ගොවිපළ දිස්ත්‍රික්කයට අයත් වටිනා වත්කමක් වන අතර, නවීන සත්ව නිෂ්පාදනය සඳහා මූලික මධ්‍යස්ථානයක් ලෙස එය පිහිටා ඇත.
මේවන විටත් ඵලදායිතාව වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර, කෘෂි අංශය සහ සංචාරක යන ද්වි ක්ෂෙත්රයන්ට වඩා ප්‍රයෝජනවත් වන කෘෂි සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට ද මංපෙත් විවර වී ඇත.
මෙම වසරට අදාළ අරමුදල් වෙන් කර ඇති අතර, සංවර්ධන කටයුතු දැනට සිදුවෙමින් පවතී.
ත්‍රිකුණාමලයේ වටිනා වූ සම්පත් ජන ජීවිතය හා සමීප කරමින් ජනතාව සතු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවේය.
