Spread the love

පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදිගොස් ඇත.

මෙලෙස දැදුරු ඔයෙ ජල මට්ටම අගෝස්තු මාසයෙදී සිදි ගියේ වසර පහකට පසුව බව වාරි මාර්ග නිළධාරීහු පවසයි.

පසුගිය වසර වල නොකඩවා වැසි ඇද වැටිමත් සමග වයඹ පළාතේ ප්‍රදේශ රැසක් ජල ගැලිම් වලට පවා ලක්ව තිබු අතර මේ ආකාරයට දැදුරු ඔය ජලය සිදි යාම අගොස්තු මාසයෙ සිට නිරන්තයෙන් පවතින වියළි කාලගුණ තත්වයට ලක්ව සිදි යාම සිදුවුවත් ගෙවි ගිය වසර පහකට ආසන්න කාලයක් නොකඩවා වැසි ලැබිම සිදුවිමත් සමග දැදුරු ඔයේ ජල මට්ටමේ අඩු විමක් දක්නට නොලැබුන බව ජනතාව කියයි.

කෙසේ නමුත් මෙලෙ ජල මට්ටම අඩුවිමත් සමග දැදුරු ඔයෙන් විවිධ ගොවිතැන් කටයුතු සදහා ජලය පොම්ප කරමින් ලබා ගත් පිරිස් දැඩි අසිරුතාවයකට ලක්ව ඇත.