නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව සහ වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන අතර ඉහළ හා පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට අදාළව සිදු කරනු ලබන සංඥා පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුුත්තක් අද (31) සෙනසුරාදා සහ හෙට (01)ඉරිදා යන දෙදින තුළ සිදු කෙරේ.
එම දිනවල උදෑසන සහ සවස් කාලයේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියයන් විනාඩි 15 ක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
මේ හේතුවෙන් මගින්හට සිදු වන අපහසුතාවය පිළබදව පිළබදව දුම්රිය දෙපාර්තුමේන්තුව කණගාටුව ප්‍රකාශ කරයි
