නිමල් රාජපක්ෂ –
දුම්රිය ස්ථානාධිපති වරුන්ට බලපාන ගැටළු පිළිබදව දිනෙන් දින දෙපාර්තුමේන්තුව හා අමාත්‍යංශ මට්ටමින් සාධණීය විසදුම් ලබා නොදිමට විරෝධය පල කරමින් විධායක කමිටුව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයත් දියත් කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
. උසස් වීම් ක්‍රමවේදය යථාවත් නොවීම ,බදවා ගැනීමේ පටිපාටිය සදහා අවශ්‍ය අනුමැතිය නොදීම ,විදේශ පුහුණු අවලංගු කර දෙපාර්තුමේන්තු විධායක නිලධාරීන්ට පමණක් යථාවත් කිරීම පිළිබදව කරුණු කාරණා සහ දෙපාර්තුමේන්තුවේ කඩා වැටීමට දිනෙන් දින දුම්රිය අවලංගුව වීමටත් නිසි සාධනීය පිළිතුරු ලබා නොදීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මගී ජනතාව ඉදිරියේ අපහසුතාවයන්ට පත්වීමට විරෝධය පල කිරීමක් විදිහට ඉ දිරියේදී ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කිීරීමට තීන්දු කර ඇතැයිද සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.