Spread the love


නිම්ල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පවතින සංචාරක ආකර්ශනය වැඩි කිරිම සදහා ධාවනයෙන් ඉවත් කල දුම්රිය එංජිමක් හා මැදිරි තුනකු උපයෝගී කරගෙන සංචාරයක යින් සදහා නානුඹය දුම්රිය ස්ථානය අසළ සංචාරක බංගලාවක් ඉදිකිරීමට දුම්රිය දෙපාරත්තුමේන්තුව පියවර ගෙන ඇත.


‘‘ඹඩිසි කෑම්ප්‘‘ නමින් සේවයෙන් ඉවත්කල දුම්රියයක් යොදා ගෙන ඉ දිකෙරෙන මෙම සංචාරක බංගලාව සදහා කාමර පහක් තිබෙන බවත් එක් කාමරයක් සදහා පවුලකට නිදන කාමර දෙකක්ද , අදන් හතරක් යොදා ෆමිලි රූම් එකකතුන් ඉදි කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

විඩියෝව නරඹන්න


ඉහත ලන දුම්රිය මැදිරි උපයෝගි කරගෙන දුම්රිය දෙපාර්තුමේන්තුව ඉදකෙරෙන සංචාරක බංගලාව ජුලි මස 15 වැනි දින විවෘත කිරීමට තිරණය කර ඇතැයිද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.


මෙහිදි එක් මැදිරියක් තුළ නිදන කාමර දෙකක්ද ඉදිකෙරෙන අතර එහි අදන් හතරක් යොදා ගැනීමට නියමිතයි. එහි ෆැමිලි රූම් තිබෙන අතර ඒ සියළු කාමර සදහා අංග සම්පුර්ණ නානා කාමර කුස්සියකින්ද සමත්විත වෙයි.


මේ තුළින් දෙස් විදෙස් සංචාකරකයින් සදහා සුවිශේෂි අත්දැකීම් ලබා දෙන අතර ලංකාවේ ප්‍රථම වතාවට ඉදි කෙරෙන අතර මෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී ඉදල්ගස්ඉන්න හා ඇල්ල ඇතළු අනිකුත් සිත්ගන්නා දුම්රිය ස්ථානවලත් මෙම ක්‍රමවේදය ප්‍රචලිත නරනු ඇත.
ඩබල් ඇදන් තිබෙන නිදන මැදිරියක් රුපියල් 9500 කටත් ,ෆැමිලි කාමරයක් රුපියල් 14500 කට නියම කරන බවත් වැඩි සංචාරකයින් සදහා මෙම සුවිශේෂි අත්දැකීම ලබා දිමට නියමිත බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.