Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි..

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා නීතී විභාගය සමත්වීම ගැටලු සහගත බව සඳහන් කරමින් පැමිණිලි කිහිපයක් තමාට ලැබී ඇති බවයි වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

නීතී විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයක් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.