නිමල් රාජපක්ෂ
එක්සත් ජාතීන්ගේ සංවිධානය දියත් කරන ‘‘නිල්අහසක් සදහා පිරිසිදු වාතය ‘‘ජාත්‍යන්තර දිනය මේ මස 7 වැනි දිනට නම්කර ඇති බැවින් එම දිනයට සමගාමීව ලේක්හවුස් ආයතනයේ ටියුනම් කදවුරක් ඊයේ(4) මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු වායු විමෝචන බාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුහ.
මෙහිදි ලේක්හවුස් ආයතනයේ ත්‍රිරෝද රථ හා යතුරු පැදිද සේවක සේවිකාවන්ගේ ත්‍රීරෝද රථ හා යතුරු පැදිද ටියුනප් කදවුර මගින් සිය සේවාවන් ලබා දීමට කටයුතු කළහ.
වායු විමෝචන භාරකාර අරමුදලේ සේවකයින් හා ඩේවිඩ් පීරීස් සමාගමේ සේවක මහතුන් එක්ම වාහන සුසර කිරීම සදහාවු මෙම ටියුනප් කදවුර පැවැත්වුහ.
මෙහිදි අදහස් දැක්වු වායුවිමෝචනභාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා ,
නිල් අහසත් සඳහා පිරිසුදු වාතය කියන දිනය 2020 අවුරුද්දේ තමයි ප්‍රකාශයට පත් කළේ මුළු ලෝකයම මේක සිහිපත් කරමින් සැප්තැම්බර් 7 දින සැමරීමක් සිදු කරනවා. මොකද වායු දුෂණය මගින් හැම අවුරුද්දකදීම ලක්ෂ අසූවකට වැඩි මිනිස්සුන් පිරිසක් මරණයට පත්වෙනවා. වායු දූෂණය නිසා වයසට ගිහිල්ලා මැරෙන්න ඕන අය නෙමෙයි මේ අකල් මරණට ගොදුරු වන්නේ . තත්ත්වය සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළාඅද වන විට ලෝකයේ තියෙන පලවෙනි සෞඛ්‍ය තර්ජනය තමයි වායු දූෂණය.
ඉතින් මේ තත්ත්වයත් එක්ක සමස්ත ලෝකෙම එකතු වෙලා එකට වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. දරුවන්න්ට නිසි පරිදින්නේ පිරිසිදු වාතය අවශ්‍ය යි. මේනිසා ලෝකයේම සැමරීමක් කරනවා. වායු දූෂණයට සීමා මායිම් නැහැ. ඹ්නෑම රටක ඇතිවෙන දූෂණය සුළං හරහා අපේ රටට එන්න පුළුවන්. මේක හැමෝම එකතුවෙලා කරන්න ඕන වැඩක් . අපිට මේකෙන් බේරෙන්න බෑ. මැරෙන්න පණ අදින වෙලේ කොච්චර අමාරුවක් පීඩාවක් තියෙනවද කියල දැක්කහම අපිට තේරෙනවා.
ඒක නිසා මේ දිනයට සමගාමීව ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන භාරකාර අරමුදලවාහන සුසර කිරීමේ වැඩසටහන් පවත්වන බවද පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු දසුන් ගමගේ මහතා,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
