Spread the love

නිවාස ව්‍යාපෘතියක් සඳහා වෙන්කර තිබෙන ඉඩමක වතු කළමනාකාරීත්වය කෝපි වැවීමට විරුද්ධව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් පොලිස් කොට්ඨාශය යටතේ ඇති සාමිමලයි ස්ටොක්හැම් වතුයායේ ජනතාව 2025.09.04 වන බ්‍රහස්පතින්දා සාමිමලයි ස්ටොක්හැම් ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වූහ.

පසුගිය යහපාලන රජය සමයේදී, ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත නිවාස ව්‍යාපෘති 50 ක් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති ඉඩමේ වතු කළමනාකරණය කෝපි වගාව ප්‍රවර්ධනය කිරීමට සහ පැළ සිටුවීමට පියවර ගෙන ඇති අතර එම ඉඩමේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

නිවාස ව්‍යාපෘතිය යතතේ නිවාස 50 ක් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති ඉඩමේ කිසිදු වගාවක් සිදු කළ නොහැකි බව පවසමින් ජනතාව විරෝධතා දැක්වූහ.

මෙම විරෝධතාවයේදී බැනර් රැගෙන “නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර ඇති ඉඩම ලබාගෙන අපට දෙන්න. කඳුකරයේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන්න” වැනි සටන් පාඨ නගමින් ජනතාව විරෝධතා දැක්වූහ.

මෙම විරෝධතාව අතරතුර වතු කළමනාකාරිත්වය ඇතැම් වතු සේවකයින් සහභාගී වීම වැළැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතාකරුවන් සහ වතු ක්ෂේත්‍ර නිලධාරියෙකු අතර නොසන්සුන්තාවයක් ඇති විය.

2018 දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් වාර්තාවක් ලැබුණු නිවාසි ව්‍යාපෘතිය සඳහා වූ භූමියේ මෙවැනි වැවිලි ව්‍යාපෘතියක් සිදු කළ නොහැකි බවද ජනතාව ප්‍රකාශ කළහ.

වැවිලි හා වතු යටිතල පහසුකම් සහ සමාජ සංවර්ධන අමාත්‍ය සමන්ත විත්තියරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගෙන් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ