නිමල් රාජපක්ෂ
විදේශ ගතව මෙරටට පැමිණෙන කිසිදු මගියකුට දුම්වැටි මෙරටට රැගෙන ඒම සම්පුර්ණයෙන් ම තහනම් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා එසේ පැවසුවේ අද පසුගිය මාස හතරක කාලයක් තිස්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණෙන මගීන් අනීතිකව මෙරටට රැගෙන ආ රුපියල් මිලයන 305 ක් වටිනා කමින් යුතු විදේශීය දුම්වැටි විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක ප්‍රමාණයක් කෙරවල පිිටිය අපද්‍රව්‍ය බලශක්ති විදුලි බලාගාරයේදී රේගුවේ මුලිකත්වයෙන් විනාස කල අවස්ථාවේදීය.
මෙම දුම්වැටිි තොගය රටතුළට අලෙවි වුයේනම් රජයට රුපියල් මිලියන 271 ක බදු මුදලක් අහිමිවන බවද චන්දන පුංචිහේවා මහතා පැවසුවේය.
