දුෂණ චෝදනාවක් මත පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් වසර 03 ක සිර දඩුවමක් නියම කර ඇත
අධිකරණ නියෝගයට අනුව ඔහුට සක්‍රීය දේශපාලනයේ නිරත වීම ද වසර 05කට අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්‍යාග නීති විරෝධීව අලෙවි කළ බවට වූ චෝදනාවකට අදාළව මෙම දඩුවම නියම වී තිබූ අතර ඔහු විසින් එම චෝදනා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.
මෙම අධිකරණ නියෝගයට එරෙහිවද ඉම්රාන් ඛාන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..