Spread the love

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේදිය.

මඩකලපුව ප්‍රදේශයේ සිට නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු මඩකලපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇත.

බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්, එම ස්ථානයේ මීට පෙර බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගීන් 60 දෙනෙකු පමණ සිටි බව ප්‍රදේශවාසීන් කියා සිටියේය.

අනතුර පිලිබද වලපනේ පොලිසිය පරික්ෂණ පවත්වයි.