නිමල් රාජපක්ෂ
ප්‍රමිතියට නොමැති රියදුරු පාසල් වල බලපත්‍රය ඒ මොහොතේම් අත්හිටුවීමට පියවර ගන්නා බව සහකාර මෝටර් රථ කොමසාරිස් ( කාර්මික ) ආනන්ද බන්නැහැක මහතා පවසයි
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැරෙන්නට අනිකුත් දිස්ත්‍රික් 23 ක තිබෙන සියළුම රියදුරු පාසල් මේ මස 24 වැනි දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කරන බවත්
මෙම පරික්ෂාවේදී මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් පනවා ඇති නීතිි රිිති පිලි පදින්නැති ,ප්‍රමිතියට නොමැති , අඩු පාඩු තිබෙන සියළුම රියදුරු පාසල් වල රියදුරු පුහුණු කිරීමේ බලපත්‍රය ඒ මොහොතේම අත්හිටු වීමට කටයුතු සිදු කරන බවද ආනන්ද බන්නැහැක මහතා පැවසුවේය.
මේ වනවිට රියදුරු පාසල් 1200 ක් තිබෙන අතර එයින් මේ වසරේ ක්‍රියාකාරි රියදුරු පාසල් 720 ක් මේ වසරේ ලියාපදිංචි කර ඇත.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල වාහන බොහෝසේ වැඩි යෙන් තිබෙන බැවින් එම දිස්ත්‍රික්ක දෙකෙහි වේලාසන මෙ ම පරික්ෂාවන් සිදු කල බවද පැවසුවේය.
අදාල දිනයට සහකාර මෝටර් රථ කොමාසාරිස් වරයකු ඇතුලුව මෝටර් රථ පරික්ෂකවරු කණ්ඩායමක් දිස්ත්‍රක් මට්ටමින් එදිනයට රියදුරු පාසල් පරික්ෂාව සිදු කෙරේ.
හතු පිපින්නාක් මෙන් රියදුරු පාසල් බිහි වන්නට පටන් ගැනීමත් සමගින් රියදුරු පාසල් වල ප්‍රමිතිය වැඩි කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරයි. ඒ අනුව
දැනට පවත්වාගෙන යන රියදුරු පාසල් අනිවාර්යයෙන්ම වායු සමනය කර තිබිය යුතුයි.
Cශ්‍රේණියේ රියදුරු පාසලක් නම්අනිවාර්යෙන්ම සැහැල්ලු වාහන සදහා බයිසිකලයක් ,ත්‍රිවිල් එකක්, කාර් එකක් හෝ වෑන් එකක්ද, B ශ්‍රේණියේ රියදුරු පාසලක් නම් යතුරු පැදියක් ,ත්‍රිවිල් එකක්, කාර් එකක් හෝ වෑන් එකක් , බස් , එකක් හෝ ලොරියකද, A ශ්‍රේණියේ රියදුරු පාසලක් නම් අනිවාර්යෙන්ම සැහැල්ලු වාහන සදහා යතුරු පැදියක් ,ත්‍රිවිල් එකක්, කාර් එකක් හෝ වෑන් එකක් , බස් , එකක් හෝ ලොරියක් ප්‍රයිම් මුවර් එකක් තිබිය යුතුයි
මෙහිදී රියපුහුණු කරන ත්‍රීරෝද රථයේ හා මෝටර් රථයේ වම්පස මෝටර් රථ පරික්ෂකවරයාටද බ්රේක් පැඩලයක්ද සවිකර තිබිය යුතුවේ.මෙම නීතිය ඉදිිරියේදි අනිවාර්ය කිරිමට තිරණය කර ඇතැයි ද ආනන්ද බණ්නැහැක මහතා පැවසුවේය.
සෑම රියදුරු පාසලකම රථවාහන ගාල්කරන විදිහ ඉඩ කඩ තිබිය යුතුයි, කාර්මික දැණුම හා මාර්ග නීති පිළිබද දැණුම දෙන්න පහසුකම් තිබෙනවාද , ඉදගන්න පුටු මේස තිබෙනවාද , සනීපාර්ක්ෂක කටයුතු , වතුර පිල්ටර්, වායු සමනය කර , අදාල පොත්පත් ලිපි ලේඛන නියම ආකාරයට නඩත්තු කිරීම , රිය පුහුණුවේදි රියදුරු උපදේශක වරු සිටිය යුතුය ,රිය පුහුණුවට යොදා ගන්නා වාහන වල බ්රේක්,සුක්කානම් පද්ධතිය හොදයිද, ෂොකට් ෂෝපර් හොදයිද, වාහනයේ අධික දුම්දමනවාද, එල් බෝඩ් හරියට තිබෙනවාද,ලයිට් පත්තුවෙනවාද, අමතර සවිකිරීම් තිබෙනවාද , පිටු පස බලන කණ්නාඩි, මෝටර් රථ පරික්ෂකට බලන්නට අමතර පැති කණ්නාඩි , අමතර වම්පස බ්රේක් පැඩල් එක, ත්‍රීරෝද රථයේ නම් පිටුපසට බ්රේක් පැඩලයක් මේ සියලු අංගෝපාංග නිසියාකාරව තිබෙන රියදුරු පාසල් සදහා මෝටර් රථ පරීක්ෂකවරුන් රියදුරු පාසල පවත්වාගෙන යාම සදහා ස්ටිකරයක් ලබා දෙන බවද ආනන්ද බණ්නැහැක මහතා පැවසුවේය.
හොද විනය ගරුක රියදුරකු බිහිකිරිමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර මේ සියලු දේ සපුරා නොමැති, නියමිත ප්‍රමිතියට නොමැති රියදුරු පාසල් වල රිය පුහුණු කිරීමේ බලපත්‍රය ඒ මොහෝතේම අත් හිටුවිමට පියවර ගන්නා බවද පැවසුවේය.
