Spread the love

කැලණිය, වේවැල්දුව පාරේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපිකාවකගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

අනතුර පිළිබඳ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ පොලිස් ස්ථානය විසින් සැකකරු පොලිස් ඇප මත නිදහස් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවති.