Spread the love

2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවත්, 2024 වර්ෂයේ සිට මෙය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු ලබා දී එය පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කෙරේ.

මෙම ක්‍රමය ආරම්භයේදී විභාග ලකුණු 70%ක් හා මොඩියුලයේ ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන ඒමට නියමිතයි.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳී සිටීම හා එදිනෙදා පන්තියේ වැඩ කිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්ති යෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.