Spread the love


‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස අවිධිමත් කසළ කළමනාකරණය, දූෂිත ජල මාර්ග සහ හරිත පරිසරය අඩුවීම හේතුවෙන් රට මුහුණ දෙන පරිසර අභියෝග හඳුනාගෙන, ජාතික වගකීමක් ලෙස පරිසර ආරක්ෂාවට ප්‍රායෝගික විසඳුම් ලබාදීම මුලික කරගනිමින් “Clean Today – Green Tomorrow” වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වය යටතේ Aitken Spence PLC ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලදි.


එක්වරක් පමණක් සිදු කරන පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස නොව, දිගුකාලීන තිරසාර වැඩසටහනක් ලෙස මෙම මුලපිරීම යටතේ දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු තුළ පරිසර බලපෑම් ඇගයීමට ලක් කරමින්, කසළ කළමනාකරණය, කඳවුරු පිරිසිදු කිරීම, වෘක්ෂාරෝපණය, පරිසර හිතකාමී උද්‍යාන වගාව, ජලය සංරක්ෂණය වැනි ක්‍රියාකාරකම් රැසක් මෙහිදි ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 75 වන සංවත්සරට සමගාමිව තරඟකාරීව පැවැත් වු මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ඊයේ 26) ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධහනත්වයෙන් පැවති අතර, සැම අතින්ම ඉහළම ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව එ්කල වෘත්තීය පුහුණු පාසල හොඳම කඳවුරට හිමි ජය සංකේත හිමිකරගන්නා ලදි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිශාන්ති එදිරිසිංහ මැතිණිය, Aitken Spence PLC හි ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු එම ආයතනයේ නිළධාරින්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.