මානව ඉතිහාසයේ මිනිසකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය සඳහා වන වාර්තාව පිහිටුවීමට ආටිමිස් II (Artemis II) යානයේ සිටින ගගනගාමීන් සිව්දෙනා සමත් වුහ.
වසර 50කට අධික කාලයක් ඇපලෝ 13 (Apollo 13) මෙහෙයුම සතුව තිබූ වාර්තාව බිඳ දමමින් ඔවුන් මෙම නව වාර්තාව පිහිටුවීම විශේෂත්වයක්.
මීට පෙර ඇපලෝ 13 මෙහෙයුම පෘථිවියේ සිට සැතපුම් 248,655ක උපරිම දුරකට ළඟා වී තිබූ අතර, ආටිමිස් II යානය එම සීමාව පසු කර යමින් මෙම නව ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කර තිබෙනවා.
