Spread the love

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. .

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.