Spread the love

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් එම වැඩ ඒකක භූමිය සහ පාසල වෙන් කෙරෙන තාප්පයේ ගැටීමෙන් තාප්පය කඩා වැටී ඇති බව වාර්තා වේ. 

එම අවස්ථාවේ ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 

ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. 

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි.

සිද්ධියට අදාළ 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.