නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවකු වන චීන ජාතිකයකු වැල්ලම්පිටිය සිය නවාතැනේ පවත්වා ගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් තොගයක් සමගින් සැකකරු පොලිසිය විශේෂ කාර්ය බලකා නිලධාරින් එක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීනජාතිකයාගේ බ්‍රැන්ඩියාවත්ත කුලී නිවසේ තිබී ගෝඩා මිලි ලීටර් තුන්ලක්ෂ දහඅටක්, කිස්ප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 67500 ක් තිබු බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් චීන ජාතිකයා අලුත්කඩේ අංක දෙක උසාවියට ඉදිරිපත් කර ඇත.
සිද්ධිය පිළිබදව වැල්ලම් පිටිය පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
