Spread the love


නිමල් රාජපක්ෂ-.

රුවන්වැල්ල සුරාබදු බල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හතරක් සමගින් මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 10 දෙනෙකු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් සොයාගත් බව රුවන්වැල්ල සුරාබදු නිලධාරින් පවසයි.

පසුගියදා (11) සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හතරක් නියනවවිට, දෙහිගස්දෙණිය , බැවිල යන ප්‍රදේශවලින් වටලා කසිප්සු ස්ප්‍රීතු මිලි ලීටර් 12000 ක් , දගර 4ක් බැරල් හතක් අත්අඩංගුවට ගත් අතර උණු ගෝඩා විනාස කළ බව රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතා පවසයි.

මීට අමතරව අතුළුගම , දෙබෑගම ,කඹුරාපොල , මාලියාගොඩ, හිගුරලකන්ද , මාහැල්මවත්ත යන ප්‍රදේශවලින් නීති විරෝධී මත්පැන් ළග තබාගත් සැකකරුවන් 6 දෙනෙකු කොටු කර ගැනිමට සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (14) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෑගල්ල සුරාබදු අධිකාරි වජිර විජේසිංහ මහතාගේ උපදෙස් මත, රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතාගේ අධික්ෂණය යටතේ , පරීක්ෂක අදිපත්තු , සැරයන්මේජර් ගම්ලත්, කෝප්‍රල් වරුන්වන වීරකෝන්, ඩයස් , නියාමක චම්පික ,රියදුරු රුවන් යන නිළධාරිහු මෙම වැටලිම සිදු කළහ.