Spread the love


 
 නිමල් රාජපක්ෂ
වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල  පද්ධතියට එක් කෙරිණි.
 
 ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි ව්‍යාපෘතිය යටතේ මෙරට බලශක්ති ඉතිහාසයේ පළමු වතාවට, එක් ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 05 ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින 04ක් බලගැන්වේ.‍
 
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය වන අතර පූර්ණ දේශීය සමාගමක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
 
සුළං විදුලි බලාගාරය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා ටර්බයින ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවටද එක් විය.