කරන්දෙනිය කැබැල්ලගොඩ ප්‍රදේශයේ මවක හා ඊයේ (11) සවස පුතෙකු තියුණු ආයුධකින් පරහදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අසල්වැසියෙක් බවට හදුනාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි. .
ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයා බව පොලීසිය පැවසීය.
මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඝාතනය සිදු කළ බවට සැකකරන වයස අවුරුදු 43ක් වන සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනාගෙන ඇත.
කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
