සිරි දළදා වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් ප්‍රමාණයක් මහනුවර නගරයට එක්රැස්වීම නිසා වන්දනා බස්රථ නගරයට ඇතුළු කිරීම සීමා කිරීමට පොලීසිය තීරණය කරයි.
ඒ අනුව ගලගෙදර – කුරුණෑගල සිට පැමිණෙන මහජනතාව මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයෙන් බස්රථ නැවැත්වීමටත්, මාතලේ ප්‍රදේශයෙන් පැමිණෙන බස්රථ අලු විහාරය ප්‍රදේශයෙන් නැවැත්විමටත් තීරණය කර ඇති බවයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සඳහන් කළේ.
එසේම මහියංගනය මාර්ගයෙන් පැමිණෙන බස්රථ හසලක ප්‍රදේශයෙන් නැවැත්වීමටත්, හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණෙන බස්රථ මහිලපිටිය රණවිරු ස්මාරකය ප්‍රදේශයෙන් නැවැත්වීමටත්, ගම්පොළ ප්‍රදේශයෙන් පැමිණෙන බස්රථ වැලිගල්ල ප්‍රදේශයෙන් නැවැත්වීමටත්, කෑගල්ල ප්‍රදේශයේ සිට පැමිණෙන බස්රථ මාවනැල්ල ප්‍රදේශයෙන් නැවැත්වීමටත් තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.