Spread the love

ලීසිං වාරික ගෙවීම් ප්‍රමාද වූ විට එම සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව පොලිසිය පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ පසු ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරනු ලබන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෑවසීය.

එම පොලිස් නිලධාරීන් ලබදෙනු ලබන්නේ එම ක්‍රියාවලියේ දී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහාය.

මේ අතර මේ සම්බන්ධයෙන් අද (07) පැවති මාධ්‍ය හමුවකදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කළේ ලීසිං සමාගම් තවමත් අසාධාරණ ලෙස වාරික අයකරන බවයි.

එලෙස වාරික ගෙවීම් ප්‍රමාද වුවහොත් ලීසිං සමගම් විසින් තම වාහන බලහත්කාරයෙන් රැගෙන යන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.