නුවරඑළියේ සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ලිඳුල, මල්ලිඅප්පු ප්‍රධාන මාර්ගයේ ඊයේ (14) කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
නීතීඥවරයෙකු විසින් ධාවනය කළ මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව කන්දේ ගැටී අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් නීතීඥවරයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් වාර්තා වේ.
කෙසේවෙතත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.