Spread the love

වැලිගම , දෙනිපිටිය හන්දිය ප්‍රදේශයේ දී ලොරියක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදි කරු බරපතල තුවාල ලබා වලාන රෝහලට ඇතුළු කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ දෙනිපිටිය නිදගල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.