Spread the love

නිමල් රාජපක්ෂ-

ලංකාවේ තිබෙන පොදු ප්‍රවාහන සේවා වලින් මගීන්ට පහසුකම් ලබාදෙන ප්‍රධානතම සේවාව දුම්රිය සේවාව බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
දුම්රිය සේවක අඩුපාඩු හා හදිසියේ හටගන්නා කාර්මික ‍දෝෂ නිසා දුම්රිය ප්‍රමාද වීම් සිදු වුවත් මගී ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට සේවාව සැපයීමට කටයුතු කරන බවද පැවසුවේය.
රත්නපුර ජනතාවට මෙතෙක් සිහිනයක් ව තිබු කැළණිවැලි දුම්රිය අවිස්සාවේලලෙන් නතර වුවද මේ වසර අවසන් වීමට පෙර රත්නපුර දක්වා අධියර කිහිපයකින් දුම්රිය ධාවනය කරන බවද ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.
එ් අනුව පළමු අදියර වශයෙවන් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල බස් නැවතුම දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමට නියමිතය . ඉන් අනතුරුව අවිස්සාවේල්ල බස් නැවතුම ළග සිට ඇහැළියගොඩ දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරිමට ත් තීරණය කරයි.
ඊට පසු ඊළග අධියර යටතේ අහැළියගොඩ සිට රත්නපුරය දක්වා දුම්රිය මාර්ගය ඉදි කෙරේ . දුම්රිය දෙපාර්තුමේන්තුවේ උපදසේ මත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එක් කිලෝමීටරයක් සදහා රුපියල් මිලියන 300 – 400 වැයවෙන බවට ගණන් බලා තිබේ. කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කොළඹ සිට රත්නපුරය දක්වා ඉදිකිරිම් අවසන් වීමෙන් පසු රත්නපුර ජනතාවගේ සිහිනය සැබැ කරමින් ධාවනය කීරීමට පියවර ගන්නා ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ,

විඩියෝව නරඹන්න