Spread the love

නිමල් රාජපක්ෂ-

විදේශ රටක රියදුරු බලපතක් හිමි විදේශ පුරවැසියකුට හා ශ්‍රි ලාංකික ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකුට මෙරටදි මෝටර් වාහන පැදවිම සදහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවා පෙරේදා ( 2) සිට පුලුල් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් කමල් අමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රවයෙන් හා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් ලබා දුන් එම සේවාව පසුගියදා (2) සිට කුරුණෑගල , හම්බන්තොට ,ගම්පහ , අනුරාධපුරය , යාපනය යන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වලින්ද ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ.
මිට අමතරව විදේශ රියදුරු බලපත්‍ර පදනම් කරගෙන ශ්‍රි ලංකාවේ ස්ථිර රියදුරු බලපත්‍ර ලබා ගැනීම සදහා බලාපොරොත්තුවන විදේශීය හා ශ්‍රි ලාංකික පුරවැසියනට වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය වෙත පැමිණිය යුතු බවද කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.