Spread the love

බොරලැස්ගමුව, පුනරීන්, තලාතුඔය සහ තිරික්කෝවිල් යන ප්‍රදේශවල දී සිදු වු රිය අනතුරු වලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය සදහන් කරයි්‍

කොළඹ – හොරණ මාර්ගයේ බොරලැස්ගමුව ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ 60 හැවිරිදි කාන්තාවක් යතුරුපැදියක ගැටීමෙන් මියගොස් තිබේ.

පුනරීන්, සේල්විපුරම් ප්‍රදේශයේ යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා පුනරීන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මේ අතර, තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් 60 හැවිරිදි පැදිකරු මියගොස් ඇති අතර, තිරුක්කෝවිල් කුඩුනිලම් ප්‍රදේශයේ ද යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල වෙලකට පෙරළීමෙන් 21 හැවිරිදි පැදිකරු මියගොස් ඇත.