රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේ අතහැර දමා ගිය ගමන් මල්ලකින් හමුවී තිබෙනවා.
මෙසේ හමුව ඇති කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 20.9ක් බවයි සඳහන්.
තායිලන්තයේ සිට පැමිණි අයෙකු විසින් මේවා රැගෙනවිත් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඊට අදාළ සැකකරු (53) හැවිරිදි අයෙක් වන අතර ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා.
