ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා හා ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපති මිහීලා ඇන්ජලා රොමේනියා ( Miheela Angela Romania ) මහත්මිය අතර හමුවක් අද (09) දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුනා.
දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීමත්, දෙරටට වැදගත්වන අධ්‍යාපන, විදේශ රැකියා වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කිරීමත් එහි අරමුණ වුනා. රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති ලෙස ගරු අමාත්‍ය උපාලි පන්නිල මහතා රුමේනියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළා.
දිට්වා සුළි කුණාටුව හමුවේ ආර්ථිකය හා ජන ජීවිතය අඩාලවීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය සැලසුම් සහගත්ව කටයුතු කළ ආකාරය විශ්මිත බව සඳහන් කරමින් තානාපතිනිය සිය ප්‍රශන්සාව පලකළා. ශ්‍රී ලංකාවේ දිළිඳුභව තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන වෙනුවෙන් සිය සහයෝගය දක්වන බවද එතුමිය සඳහන් කළා.
මෙම අවස්තාවට රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති වසන්ත පතිරණ මහතා ඇතුළු රුමේනියානු තානාපති කාර්යාලයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මාධ්‍ය ඒකකය.
