ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂිකා Chiyo Kanda මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර හමුවක් පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත විස්තීර්ණ ණය වාරිකය ලබා දීමෙන් අනතුරුව සිදු කළ පළමු සාකච්ඡාව මෙය වීම විශේෂත්වයකි.
එහි දී අදාළ ණය මුදල ලැබීමෙන් පසු ඉදිරි ආර්ථික කටයුතු සහ ලෝක බැංකුවේ සහය හිමි වන ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.