ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය (WHO SEARO) සංවිධානය කරනු ලබන ලෝක සෞඛ්‍ය දිනය 2026 සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහභාගී වේ.
ලෝක සෞඛ්‍ය දිනය මෙම මස 07 දිනට යෙදී තිබේ.
“සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” (Together for health. Stand with science) යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය – 2026 සැමරීමට යොදා ඇත.
මෙවර සැමරුමේ මූලික අරමුණ වන්නේ මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම වන අතර මෙහිදී මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාක සහ සමස්ත පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය” (One Health) ප්‍රවේශය කෙරෙහි ලෝකයේම අවධානය යොමු කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි WHO SEARO මූලස්ථානයේ (07) දින පැවැත්වෙන ලෝක සෞඛ්‍ය දිනය 2026 ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.
කලාපයේ බිලියන දෙකකට ආසන්න ජනතාවකගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ තාක්ෂණික සහය ලබා දීම මෙහි මෙහෙවර වේ.
