දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මාසයේදී මෙම සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
නමුත් මෙරටට ආනයනය කරන වාහන සඳහා පනවා ඇති ආනයනික සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.