Spread the love

වාලම්පුරි 02 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබියදි සැකකරුවන් 04 දෙනෙකු සමගින් ජාඇල පොලීසයි අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 26 ත් අතර වයස්වල පසුවන ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.  

ඊයේ (14) සවස් කාලයේ ජාඇළ නගරයේදී ජාඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලීසිය පවසයි.

ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.