Spread the love

මතුගම අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය පසුගිය පළමු වැනිදා තම තනතුරින් ඉවත්වීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් භාර දී ඇත.

මෙම ඉල්ලා අස්වීම සිදු කිරීමට පෙර, පසුගිය විසි අට වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පිරිසක් මතුගම අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරියගෙන් මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයෙන්ද ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

එම නිලධාරීන් කණ්ඩායම විසින් අධිකරණයේ තිබූ නඩු ලිපිගොනු කිහිපයක් ද පරීක්ෂා කර තිබෙන බවට වාර්තා වේ.