Spread the love

දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ ඉල්ලිම් වලට විසදුම් නොදුන හොත් ලබන අගහරුවාදා යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා ඊ යේ පැවසුවේ,

අපි සතුටුවෙනවා අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියා දුම්රිය ස්ථානාධිපතිවරුට අසාධාරණයක් සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳව විසඳුම් දෙන්න ඔවුන්ට නව රජයේ පාර්ලිමේන්තුව පත්වන තුරු කාලය අවශ්‍ය බව. අපි ඇත්තෙන්ම සතුටුවෙනවා එතුමා මේ පිළිබඳව මේ කාර්යබහුල මොහොතේ හෝ අවධානය යොමුකිරීම පිළිබඳව. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෑස්ති වෙනවා කමිටු පත්කරන්න. කමිටු පත්කරන එක හොඳයි. ප්‍රශ්න මගහරින කමිටුවලට අපේ සහභාගීත්වයක් නැහැ. සඳුදා දිනයේදී මේකට ස්ථිරසාර විසඳුමක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මගින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ලැබුණේ නැත්නම් අඟහරුවාද දිනයේදී අමාත්‍යවරයාගේ ඉල්ලීමට ගරුකරමින් මගීන් අපහසු නොවෙන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිරකරන වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි පසුබට වෙන්නේ නැතැයිද කීවේය.