කොමසාරිස් ෆාතිමා ගීනා මැතිනිය අද දින(12) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවිය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඇති ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, වෙළඳ, ආයෝජන, සංචාරක හා තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලදී.
එමෙන්ම දෙරට අතර පවතින නව අවස්ථා පිළිබඳව ද අදහස් මාරු කර ගන්නා ලදී. මෙය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරන ලද අවස්ථාවක් විය.
