Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු ලබන The Reliance PSA 2025 අභියෝතා ශූරතාව 2025 සැප්තැම්බර් 17 වන දින සිට 21 වන දින දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වේ.මෙම තරගාවලිය සඳහා Reliance Logistics ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දෙන අතර නිල විකාශන සහකරු ලෙස SLTM PEO TV සහ PEO SPORTS කටයුතු කරයි. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා ඩොලර් 9000 ක මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතව ඇත.

මෙවර ශූරතාවලිය සඳහා රටවල් 11ක් නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතව ඇති අතර විවෘත පිරිමි කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අතර සිටින මැලේසියාව නියොජනය කරමින් ඇඩීන් ඉඩ්‍රේක් සහ ඩන්කල් ලී, ශ්‍රී ලංකාව නියොජනය කරමින් රවිඳු ලක්සිරි, හොංකොං රාජ්‍ය නියොජනය කරමින් වයිලොක් යන පිරිමි ක්‍රීඩකයින් ද. කාන්තා විවෘත කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අතර සිටින ඉන්දියාවේ අංජලී සෙව්මාල්, ශ්‍රී ලංකාවේ චනිත්මා සිනාලි, මැලේසියාවේ හාර්ලීන් ටෑන් සහ ඊජිප්තුවේ මොනා ටමර් යන ක්‍රීඩිකාවන්ද මෙම තරගාවලියට සහබාගී වීමට නියමිතව ඇත.

PSA තරඟාවලීන් මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාත්‍යන්තර මට්ටමින් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට අවස්ථා සැලසෙන අතර ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සහ ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර තරඟාවලීන් සංවිධානය කිරීමෙන් දේශය ක්‍රීඩකයින් හට ජාත්‍යන්තර ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය වන අතර ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවයන් පෙන්වීමට අවස්ථා උදා වේ.